මේ දේට නම් විදෙස්ගත වෙන්න එපා - රට රැකියාවලට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Manusha Nanayakkara Sri Lanka Politician Russia Job Opportunity Latest Headlines
By krishani May 08, 2024 06:13 PM GMT
krishani

krishani

Report

මේ දිනවල මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා මෙරට තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ.

මේ දේට නම් විදෙස්ගත වෙන්න එපා - රට රැකියාවලට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Manusha Nanayakkara Announcement

ඒ බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් අදාළ ජාවාරම්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටියි.

සංචාරක වීසා මගින් රුසියානු හමුදා සේවයට එක්ව විවිධ දුෂ්කරතාවයන්ට ලක්ව ඇති පිරිසකගේ ඥාතීන් පසුගියදා අමාත්‍යවරයා හමුවී තිබෙනවා.

මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)


ඒ අනුව ඔහුගේ උපදෙස් පරිදි එම පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

රුසියානු හමුදාවේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මේ සඳහා බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන්ට වැන්ගර් කුලි හමුදාවේ සේවය කිරීමට සිදුව ඇති බව සඳහන් වේ.

එහිදි ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා මෙම පුද්ගලයින් යොදවා ඇති බවත්, මාස ගණනකින් ඔවුන්ට හිමි වැටුප් පවා ලබා නොදී ඇති බවත් වාර්තා වේ.

අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා රජයේ අනුමැතියකින් තොරව කිසිඳු පුද්ගලයෙකු යුධ සේවය සඳහා විදේශ රටකට යොමු නොකරන බවයි.

ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගත නොවන ලෙස කෙතරම් දැනුවත් කිරීම් සිදුකළ ද එම රැකියා සඳහා ගොස් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා  වැඩිදුරටත් කියා සිටියේ ය.