ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Ranjith Siyambalapitiya Sri Lanka Politician vehicle imports sri lanka Latest Headlines Import
By Sithumi May 08, 2024 11:26 AM GMT
Sithumi

Sithumi

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | Importing Vehicles In Sri Lanka

ඒ අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවයි.

අද (08) වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට ඒක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

දැනගෙන හිටිය ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

දැනගෙන හිටිය ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එමෙන්ම, රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව ද ඔහු පැවසීය.

තව ද, ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඒ අනුව, ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇත.

එමෙන්ම, සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බව ආනයනකරුවන් එහි දී පෙන්වා දී ඇත.

3000ක්?.. විශ්‍රාම ගැනත් මෙරටින් ගත්ත තීරණයක් මෙන්න..

3000ක්?.. විශ්‍රාම ගැනත් මෙරටින් ගත්ත තීරණයක් මෙන්න..


පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටස් වශයෙන් ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බවත් එහි දී අවධාරණය කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%