සරසවි වරම් ලැබූ සිසුවා නින්දේදීම ජීවිතය හැරයයි - (PHOTOS)

Kurunegala Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Sep 08, 2023 05:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 කුරුණෑගල රණවන ප්‍රදේශයේ පදිංචි මනුජ හංසමල් ජයතිලක නම් සිසුවා, උසස්පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිව සතුට සමර අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය  පුවතක් වාර්තා වනවා.

කුරුණෑගල මලිය⁣දේව විදුහලේ උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරු ඔහු මෙවර උසස්පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් හිමිකරගෙන ඇත. දෙවන වර විභාගයට උසස්පෙළ විභාගයට මනුජ නැවත වතාවක් පෙනී සිටින්නේ පළමු වර විභාගයේ ප්‍රතිඵලවලින් ඔහු සෑහිමකට පත් නොවූ නිසාවෙනි.

එම කාලසීමාව අතරේ ඔහු කුරුණෑගල මල්ලවපිටිය රජයේ බැංකුවක තාවකාලික පදනම මත ලිපිකරුවෙකු ලෙස සේවයේ නිරතව සිට තිබේ. ප්‍රතිඵල පැමිණීමත් සමඟ සිය මිතුරන් සමග සතුට සැමරූ මනුජ තමන් රාජකාරී කරන බැංකුවේ සිටි සියලුදෙනාටද සංග්‍රහයක් සිදුකිරීමට අමතකර කර නොමැත. එදින එම සාදයෙන් පසුව ඔහු රෑ බෝ වී නිවසට පැමිණ ඇති අතර රාත්‍රී 11 පසුවී ඔහු නින්දට ගොස් තිබේ.

පසුදින මනුජට රැකියාව සඳහා පිටත්ව යාමට ප්‍රමාද වන බැවින් මව පැමිණ කළ සොයා බැලීමකදී නිදි ඇඳ මත සිහිසුන්ව සිටි මනුජව දැක තිබේ. අනතුරුව නිවැසියන් කඩිනමින් ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගියද ඒවනවිටත් ඔහු මරණයට පත්ව පැය කීපයක්ම ගතවී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

මනුජගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.බී. සේනානායක මහතා තම වාර්තාවෙන් පෙන්වාදී තිබුණේ හදවතේ කිරීටක ධමනියක රුධිර ගමනාගමනය අවහිර වීම හේතුවෙන් එම මරණය සිදුව ඇති බවය.

කිරීටක ධමනියේ එක් ස්ථානයක් රුධිර ගමනාගමනයට අවහිර වන ආකාරයට ඉතා සිහින්ව තිබීම හේතුවෙන් හෘදයේ ඇතිවූ අකර්මණ්‍යතාවයක් මේ සිසුවාට නිදි ඇඳේදීම මරු කැඳවීමට සමත්ව තිබුණි. වැල්ලව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.(උපුටාගැනීමක්)

GalleryGallery
ReeCha