බත් කාලත් ඉවරයි..හදිසියේම සහල් මිල නොසිතූ ලෙස වැඩි වන හැටි..

Food Shortages Sri Lanka Food Crisis Businessman Latest Headlines Rice
By Sewvandhi Sep 15, 2024 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සහල් වෙළඳුන් කියා සිටින්නේ, සහල් තොග වෙලදුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා තමන්ට සිල්ලර මිලට සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බවයි.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ,නාඩු සහල් කිලෝවක පාලන මිල රු 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230 ක් වශයෙන් අලෙවි කල යුතු බව නියම කර ඇත.

සහල් වෙලෙදුන් කියා සිටින්නේ, එසේ පාලන මිල නියම කර තිබියදි සහල් තොග වෙලෙදුන් විසින් නාඩු සහල් කිලෝවක් රු 235 සහ සම්බා සහල් කිලෝවක් රු 245 වැනි තොග මිලකට තමන්ට නිකුත් කිරිම හමුවේ සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි බවයි.

සහල් තොග වෙලෙදුන් විසින් සහල් පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් බිල්පතේ සදහන් කර වැඩිකල මුදල වෙනම ලබා ගන්නා බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

තවද වෙළෙඳුන් පෙන්වා දෙන්නේ, කීරි සම්බා කිලෝ 11000 ක් මිල දි ගන්නා සහල් තොග වෙලෙදුන්ට නාඩු සහල් කිලෝ 5000 ක් නිකුත් කරන බවත්, කීරි සම්බා කිලෝවක් රු 254 කට සහල් මොල්කරුවන් විසින් නිකුත් කරන බවත්, කීරි සම්බා සහල් පමණක් රු 260 ක පාලන මිලට අලෙවි කල හැකි බවයි.

නාඩු සහ සම්බා සහල් මිල පාලන මිලට අලෙවි කිරිමට නොහැකි විම හමුවේ තම වෙලදසැල් වල සහල් ප්‍රදර්ශනය නොකර සගවා තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට සිදු වි ඇති බවද වෙලෙදුන් වැඩිදුරටත් පැවසිය.