මිනිසුන් සහිත ශෙන්ශොව් -17 අභ්‍යාවකාශ ගත කරයි.
China
World
By Hashini
චීනය අද (26) පෙරවරුවේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත මිනිසුන් සහිත ශෙන්ශොව් -17 අභ්‍යාවකාශ යානය සාර්ථකව දියත් කරනු ලැබුවා.
එම යානය ගගනගාමීන් තිදෙනෙකුගෙන් සමන්විත වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනයේ අභ්‍යාවකාශ මෙහෙයුමක් සඳහා එක් වූ ලාබාලතම ගගනගාමීන් තිදෙනා මොවුන් බවයි.
ඔවුන් අවුරුදු 33,34, සහ 48 වයස්වල පසුවන්නන් වනවා.
අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන මොවුන් මාස 06ක පමණ කාලයක් එහි රැඳී සිටීමට නියමිතයි.
