මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී ඉකුත් ජනවාරි 16වනදා පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සිදුවීමේ ප්‍රධාන සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ වගේම තලෛයිමන්නාරම මාර්ගයේ ලැඟුම්හලක් තුල සැඟව සිටිය දී ඊයේ (28) මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

 තවද ඔවුන් අවුරුදු 22 හා 38 වයස්වල පසුවන උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ .

පොලීසිය සදහන් කළේ එම පුද්ගලයන් සතුව තිබී තිබී ජීව අත්බෝම්බයක් ද සොයා ගත් බවයි.

ත්‍රිකුණාමලයේ කුච්චාවලි ප්‍රදේශයේ මුහුදෙන් අද්භූත නිවසක් මතුවෙයි

ත්‍රිකුණාමලයේ කුච්චාවලි ප්‍රදේශයේ මුහුදෙන් අද්භූත නිවසක් මතුවෙයි

මෙම සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබූ තිබුණි.

ඒ අනුව ලද තොරතුරක් මත මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම විසින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලා පුදබිමේ පලතුරු ආසන කඩලා - මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට

මිහින්තලා පුදබිමේ පලතුරු ආසන කඩලා - මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට