මහින්ද වෙනුවට පාර්ලිමේන්තුවට එන අලුත් මුහුණ මෙන්න..ගැසට් පත්‍රය නිකුත් කෙරේ

POLITICS MAHINDA SAMARASINGHE LALITH VARNAKUMARA PARLIAMENT SEAT KALUTHARA DISTRICT
By Sewvandhi Nov 30, 2021 10:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට මංජු ලලිත් වර්ණ කුමාර මහතා පත් කිරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළඹුණේ අඟහරුවාදා (30) වන අතර ඊට අදාළ ගැසට් පත්‍රය ද නිකුත් කිරීමට නියමිත බවයි.

සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත්වීම සඳහා ය.

2020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා මනාප ඡන්ද 46,361ක් හිමිකර ගත්තේය.

බුලත්සිංහල ආසනයේ පොදුජන පෙරමුණේ, ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ඒ මහතා "දයාබර මංජු" යන නාමයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටී.

ඔහු හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආදි ශිෂ්‍යයෙක් බව ද වාර්තා වේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW