අති බිහිසුණු ඝාතනයකින් අම්බලන්තොට කැළඹෙයි - හිස කඳින් වෙන් කරලා මංසන්දියේ පිළිරුවක ගසා ගිහින්

Report

අම්බලන්තොට මාමඩල දකුණ බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා බව පොලීසිය සඳහන් කරයි.

අඳාළ පුද්ගලයා ඝාතනය කිරීමට තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ තිබෙන අතර ඔහුව ඝාතනය කිරීමෙන් පසුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් ඇති බව ද සඳහන්.

ගාල්ල කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගාල්ල කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

එමෙන්ම ඝාතනයට ලක්වූ පුද්ගලයා ඉකුත් වසරේ ජනවාරි 2වැනිදා අම්බලන්තොට ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකොට සිට ඉකුත් මාර්තු 30වනදා ඇප ලබා පැමිණ තිබෙනවා.

අඳාළ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

එමෙන්ම ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

මහ වැස්සෙන් මාරාන්තික රෝගයක් ඉහළට - අධි අවදානම් කලාප 42 ක් හඳුන ගද්දි කොළඹ රෝගීන් 5000 ඉක්මවයි

මහ වැස්සෙන් මාරාන්තික රෝගයක් ඉහළට - අධි අවදානම් කලාප 42 ක් හඳුන ගද්දි කොළඹ රෝගීන් 5000 ඉක්මවයි

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න