බිරිඳට දොර පොල්ලෙන් පහර දී සැමියා එල්ලිලා

Report

ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ඇල්පිටිය පොලිස් වසමෙන් වාර්තා වේ.

ඒ අනුව සිය බිරිදට දොර පොල්ලකින් පහරදී මරා දමා අදාළ පුද්ගලයා ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇතැයි ඇල්පිටිය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ අනුරුද්ධගම කරන්දෙනිය පදිංචි එච් ජයරත්න නමැති හතළිස් තුන්වෙනි වියේ පසුවන තැනැත්තෙකි.

රෑත් හොඳට පාඩම් කරලා ඇඳට ගියේ දෙයියනේ - විභාගය ලියන්න හිටපු උසස් පෙළ ශිෂ්‍යාවක් නිදි ඇඳේදිම ජීවිතක්ෂයට

රෑත් හොඳට පාඩම් කරලා ඇඳට ගියේ දෙයියනේ - විභාගය ලියන්න හිටපු උසස් පෙළ ශිෂ්‍යාවක් නිදි ඇඳේදිම ජීවිතක්ෂයට

මරණකරු, ඉකුත් 27 වැනිදා බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලකදී නිවෙසේ දොර පොල්ලෙන් ඇයට පහරදී තුවාල සිදුකර ඇති බවත් එහිදී බරපතල තුවාල ලැබූ එම කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (09) මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් සතියකට පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිය බිරිය මියගිය පුවත ආරංචි වී ඇති එම පුද්ගලයා නිවෙසේ පිටුපස ගසක එල්ලී සිය දිවි නසාගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරනවා.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

මෙම සිද්ධියෙන් රෝහල්ගතව සිට මරණයට පත්ව තිබුණේ එන්. කේ. කුමුදු කල්‍යානි (46) නමැත්තියක්. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.