දළදා මාලිගාවේ අධි ආරක්ෂිත කලාපය වීඩියෝ කළ බංගලියට වැඩ වැරදුණු හැටි

By Sewvandhi Nov 06, 2021 05:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ගනිමින් සිටි බංග්ලාදේශ ජාතිකයකු දාළදා මාලිගාවේ පොලිස් ඒකකය විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව දාළදා මාලිගාවේ පොලිස් ඒකකය සඳහන් කර සිටිනවා.

මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව ජනාධිපති මන්දිරය ද පිහිටා ඇත. ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සපුරා තහනම් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ලබා ගත් බවයි. සැකකරු ගේ විදේශ ගමන් බලපත්‍රය, ඩ්‍රෝන කැමරාව ඇතුළු ඔහු සතු භාණ්ඩ පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉද්දමල්ගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha