මාලිගාවත්ත කුඩු රැජින අල්ලයි. - සුක්ෂම කුඩු සඟවා තිබූ තැන මෙන්න.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
මාලිගාවත්ත කුඩු රැජින නමින් හඳුන්වන කාන්තාවක් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සිදුකළ මෙම වැටලීමේ දී ස්පීකරයක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි මිලි ග්‍රෑම් 600ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 250ක් සොයා ගැනුණා.
ඒ සමඟ අත්අඩංගුවට ගත් 38 හැවිරිදි කාන්තාව වැඩිදුර විමර්ෂණ සඳහා මාලිගාවත්ත පොලිසිය වෙත භාර දී ඇත.