විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවල ජනතාවට සියල්ල සූදානම් කරගන්න යැයි දැනුම් දෙයි

Report

මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගංගා ද්‍රෝණිය අවට පහත්බිම් ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් විශේෂයෙන්ම පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර අවදානම හටගෙන තිබේ.

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මේ හේතුවෙන් මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් මෙන්ම අදාළ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රථවාහන පදවන්නන්ගෙන් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවෙමින්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසයි.

තත්ත්වය දරුණු අතට - ගංගා කීපයක් අසල ප්‍රදේශ දරුණු අවදානමක සූදානම් වෙන්නයැයි දැනුම්දෙයි

තත්ත්වය දරුණු අතට - ගංගා කීපයක් අසල ප්‍රදේශ දරුණු අවදානමක සූදානම් වෙන්නයැයි දැනුම්දෙයි