පවතින කාලගුණික තත්ත්වය මත මුළු ලංකාවටම තවත් දරුණු අනතුරක් - මුළු දිවයිනටම වලංගු අනතුරු ඇගවීමක්
ඌව සහ නැගෙනහිර පළාත් මෙන්ම මුලතිව්, වවුනියා සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (20) පස්වරු 11.30 දක්වා වලංගු වන මෙම නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකිය.
අකුණු සහ තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.