රැකියාවේ නිරත ලාංකිකයන්ට සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් ලංකාවේ හැමෝම ගොඩ
පසුගිය 2025 වසර වන විට මෙරට රැකියාවල නියුතු සමස්ත ජනගහනය මිලියන 8 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවට අනුව රැකියාවල නියුතු ජනගහනය 8,079,040ක් ලෙස සටහන් වී ඇති අතර, ඉන් 5,299,777ක් පිරිමි පුද්ගලයන් වන අතර 2,779,262ක් කාන්තාවන් වේ. ඒ අනුව මෙරට සමස්ත රැකියා නියුක්ති අනුපාතය 96.1%ක් ලෙස සටහන් වී තිබේ.
අදාළ වසරේ වයස අවුරුදු 15 සහ ඊට වැඩි මෙරට ජනගහනය 17,034,109ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් ශ්‍රම බලකායට අයත් පිරිස 8,408,251කි.
ඒ අනුව සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 49.4%ක් වන අතර, එහි පිරිමි ශ්‍රම බලකා සහභාගීත්වය 69.1%ක් ද කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය 32.4%ක් ද ලෙස සටහන් වේ.
මේ අතර, වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන් 6,185,730ක් (මිලියන 6.18කට ආසන්න පිරිසක්) ශ්‍රම බලකායට අයත් නොවන කාණ්ඩයේ පසුවන බව ද එම වාර්තාව අනාවරණය කරයි.
මෙරට ශ්‍රම බලකායෙන් පිටත සිටින සමස්ත ජනගහනය 8,625,859ක් වන අතර, ඉන් 71.7%ක්ම (මිලියන 6.2කට ආසන්න ප්‍රමාණයක්) කාන්තාවන් වීම විශේෂත්වයකි.