ගෙවුණු පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගැන දැනුම්දීමක්
ගෙවුණු පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 103.5ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව ගාල්ල දෙල්වල තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මිලිමීටර් 93.5ක, ගුරුදියපොත්ත තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මිලිමීටර් 87.5ක සහ කළුතර නෑබොඩ ප්‍රදේශයට මිලිමීටර් 83.0ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදීත් දිස්ත්‍රික්ක කිහිපයකටම තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැළීමේ හැකියාවක් පවතී.
හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ගිගුරුම් සහිත වැසි සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.