ළදරුවන් සිටින දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් - පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නිවේදනයක් - මේ අංකය අමතා වහාම දැනුම්දෙන්න

Report

ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ අලෙවි කෙරෙන ඇතැම් ළදරු ඩයපර් (baby diapers) සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

භාවිතයේදී ඩයපර් ඉරී යාම සහ ඒවායේ වර්ණය මැකී යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලදී.

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙම විමර්ශනවල කොටසක් ලෙස අද දින කොට්ටාව සහ පිටකොටුව ප්‍රදේශවල පිහිටි ව්‍යාපාරික ස්ථාන දෙකක පරීක්ෂණ සිදු කරන ලදී.

එහිදී, ලියාපදිංචි ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි විස්තර සඳහන් නොකර ආනයනික ළදරු ඩයපර් විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ බෙදා හැරීම මගින් අංක 85 දරන නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පවරන ලදී.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩු විභාගයට ගත් අවස්ථාවේදී, කොට්ටාව ප්‍රදේශයේ වෙළඳසැල හිමි සමාගමට රුපියල් 10,000ක දඩයක් සහ පිටකොටුව ප්‍රදේශයේ වෙළඳසැල හිමි සමාගමට රුපියල් 25,000ක දඩයක් නියම කරන ලදී.

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි

එබැවින්, ළදරු ඩයපර් වැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී, එහි ඇසුරුමේ සඳහන් ආනයනකරුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ඇතුළු අදාළ ලේබල් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම නිෂ්පාදන භාවිතයේදී ඒවා ඉරී යාමක් හෝ වෙනත් යම් ගුණාත්මක දෝෂයක් ඇති වුවහොත්, වහාම කාර්යාල වේලාවන් තුළ 1977 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව පැමිණිලි කළ යුතු බව ද එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්