තත්ත්වය දරුණු අතට - ගංගා කීපයක් අසල ප්‍රදේශ දරුණු අවදානමක සූදානම් වෙන්නයැයි දැනුම්දෙයි

Report

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිත පහත්බිම් සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මෙම සුළු ගංවතුර තත්ත්වය ඇතිවිය හැකිය.

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මේ හේතුවෙන් අදාළ පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ මාර්ගවල ගමන් ගන්නා රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

මේ දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කෙරේ - හෙට සවස 7 දක්වා වලංගු වන අනතුරු ඇඟවීම මෙන්න

මේ දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කෙරේ - හෙට සවස 7 දක්වා වලංගු වන අනතුරු ඇඟවීම මෙන්න