කුවේට් රාජ්‍යයෙන් ලාංකිකයන් 20 පිටුවහල් කරයි - ගෘහ සේවය ඇතුළු රැකියා වලට ගිය අය කටුනායකට
අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත කුවේට් රාජ්‍යයේ වීසා බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු රටින් පිටුවහල් කර ඒවා ඇත.
මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා සඳහා කුවේට් රාජ්‍යය වෙත ගොස්, ගිවිසුම්ගත සේවා ස්ථානවලින් පැන ගොස් නීතිවිරෝධී ලෙස වෙනත් ස්ථානවල රැකියාවල නිරතව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.
ඔවුන් අද අලුයම 03.10 ට කුවේට් හි කුවේට් සිටි නුවර සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 (J9-551) දරන ගුවන් යානයෙන් මෙලෙස දිවයිනට පිටුවහල් කර ඇති බව මාධ්‍ය පවසයි.
දිවයිනට පැමිණි මෙම පිරිසට සිය ගම්බිම් බලා පිටත්ව යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන හා මුදල් ප්‍රතිපාදන ලබා දී ඔවුන් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ බවද මාධ්‍ය වාර්තා කරයි.
මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි