සැප්තැම්බර් 24 පාර්ලිමෙන්තුව වටලන්න සජබ වෘත්තීය සමිතිවලින් දැවැන්ත කැඳවීමක්

Report

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් සැප්තැම්බර් 24 වනදා පාර්ලිමේන්තුව අවට ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවක් පවත්වන ලෙස සමගි ජන බලවේගයේ එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ සංවිධායක ආනන්ද පාලිත මහතා ඉල්ලා සිටියේය.

ඊයේ (19) කොළඹ පිහිටි සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුව සිය දේශපාලන බලය තහවුරු කර ගැනීම සහ දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවට ආනන්ද පාලිත මහතා චෝදනා කළේය.

ජනතා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා අදාළ සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය.

සැප්තැම්බර් 24 වනදා පැවැත්වීමට නියමිත විරෝධතාවයේ අරමුණ වන්නේ එම ඉල්ලීමට සහාය නොදක්වන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීම බවද ඔහු පැවසීය. මේ සඳහා නීතිඥ සංගමය, වෘත්තීය සමිති 54ක් සහ මහජනතාව එක්විය යුතු බවද ඔහු සඳහන් කළේය.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

මේ අතර, රට තුළ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වී ඇති බවට චෝදනා කළ ආනන්ද පාලිත මහතා, එම තත්ත්වය පාසල් දක්වා බලපා ඇති බවද පැවසීය.

මෑතකදී දුප්පත් පවුලකට අයත් දරුවන් දෙදෙනෙකු රාත්‍රියේ නිදා සිටියදී ඝාතනයට ලක්වූ සිද්ධියක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළ ඔහු, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කළේය.

පාතාලය සහ අපරාධ මැඩපැවැත්වීමේ පොරොන්දුව මත බලයට පැමිණි පාර්ශ්වයන්ට මේ වනවිට අපරාධ පාලනය කිරීම සම්බන්ධයෙන් අභියෝග මතුව ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම, ඉන්දියාවේ පැවති බ්‍රික්ස් සමුළුවට ශ්‍රී ලංකාවට ආරාධනා නොලැබීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය. ඉන්දියාව සහ චීනය සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන සබඳතා සහ එම රටවලින් ලබාගෙන ඇති ණය පිළිබඳව සඳහන් කරමින්, ශ්‍රී ලංකාවට එවැනි ජාත්‍යන්තර සමුළු සඳහා ආරාධනා නොලැබීම රජයේ විදේශ සබඳතා සම්බන්ධයෙන් ගැටලු පෙන්වන බවට ඔහු අදහස් පළ කළේය.

තවද, ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල සූත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රුපියල් බිලියන 27ක ලාභයක් උපයා ඇති බවටද ඔහු චෝදනා කළේය.

නව ඉන්ධන ගබඩා ටැංකි ඉදිකිරීමකින් තොරව සහ ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි විදේශ රටවලට පැවරීමේ ක්‍රියාමාර්ග මධ්‍යයේ රජය යළි ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානම් වන බවටද ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් චෝදනා කළේය.  

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ගෙවුණු පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගැන දැනුම්දීමක්

ගෙවුණු පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගැන දැනුම්දීමක්