ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ යැපෙන්නන්ට රජයෙන් සහන - විශේෂ චක්‍රලේඛයක් නිකුත් වේ - සහන ලැබෙන අයගේ ලැයිස්තුව මෙන්න
වර්තමාන රජය විසින් යුද සමයේදී මියගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ නොවිසඳුණු ගැටලු පිළිබඳව අවධානයට යොමු කර ඇත.
එමෙන්ම විශ්‍රාමික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන අයගේ මැදිහත් වීමෙන් එම ගැටළු වලට විසඳුම් සලකා බලා ඇත.
ඊට අනුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ එකඟතාව සහිතව නොවිසඳුණු ගැටලු පවතින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කෙරෙහි අවධානය යොමු කරමින්, හඳුනාගත් පාර්ශ්වයන් වෙත සහන සැලසීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
අංක MOD/01/2026 හා 2026.09.15 දරන චක්‍රලේඛය "යුධමය වතාවරණය පැවති වකවානුවේ දී (1977.07.22 දින සිට 2009.05.19 දින දක්වා) ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුනට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම" තේමාවෙන් නිකුත් කර ඇත.
හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ එම වක්‍ර ලේඛයට අනුව 1982 වර්ෂයේ සිට (1997.07.22 දින සිට බල පැවැත්වෙන පරිදි) මේ දක්වා නිකුත් කර ඇති අමාත්‍ය මණ්ඩල තීරණ හා චක්‍ර ලේඛ මඟින් ආවරණය නොවන වර්ගීකරණවලට අයත් අලුතින් හඳුනාගත් පහත සඳහන් පාර්ශවකරුවන් වෙත සහන හිමි ගැන්වෙන බවයි.
ඒ අනුව,
- වයස අවුරුදු 55 සම්පුර්ණවීමෙන් පසු වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.
- අනතුර සිදුවීමෙන් දීර්ඝ කාලයකට පසු වයස අවුරුදු 55 සම්පුර්ණ වීමට පෙර වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර ඇති හමුදා සාමාජිකයන්.
- වෛද්‍ය මණ්ඩල නිරීක්ෂණය අනුව විශ්රාම ගැනීමට පෙර/ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කිරීමට පෙර මිය ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93, 22/93(iv) යටතේ ප්‍රතිලාභ ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.
- ක්‍රියාන්විත හේතු මත තුවාල ලබා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන් වෙත සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ වැන්දඹු බිරින් දැවරුන් වෙත විශ්‍රාම වැටුප් / වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමේදී පැවති ගැටළු සඳහා විසඳුම් ලබාදීම.
- නිවාඩු නොමැතිව නොපැමිණිම හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්.