හිටපු ජනපති ජාත්‍යන්තරය හමුවේ සහය අයදි..!

Maithripala Sirisena Sri Lanka
By Sewvandhi Jul 30, 2022 12:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වේ යැයි අපේක්ෂා කළත් එය එසේ සිදු නො වූ බවත් මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක සිර වී ඇති බවත්, එයින් ගොඩ ඒමට ජාත්‍යන්තරයේ සහයෝගිතාව සහ සහෝදරත්වය අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන සාමය සඳහා වන ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය හා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපය එක්ව සංවිධානය කරන, 2022 ජාත්‍යන්තර නායකත්ව සම්මේලනයේ දී යි.

එහි දී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,

"දශක තුනකට ආසන්න කාලයක් සිවිල් යුධ තත්ත්වයක් නිසා බිඳවැටී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2009 වසරේ යුධ ගැටුම් නිමාවීමත් සමග ප්‍රකෘතිමත් වනු ඇතැම් ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි, ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්ෂා කළා. එහෙත් ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට අප රාජ්‍යය දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී අවසන්.

එම අර්බුදය නිසා මතුවූ දේශපාලන අස්ථාවරත්වය හා ජන ජීවිතය අඩාලවීම දරාගත නොහැකියි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයාගැනීම පවා දැඩි අවදානමකට ලක් වෙලා. ලෝක ආහාර වැඩපිළිවෙල පෙන්වා දෙන ආකාරයට අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3කට පමණ ආහාර හිඟතාවයක් ඇතිවෙලා.

යුද්ධය අවසන්වීමෙන් පසුව මා ඉහතින් සඳහන් කළ කරුණු ස්ථාපනය නොවීමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටකට ශ්‍රී ලංකාව උදාහරණයක් බව කණගාටුවෙන් වුවත් කිවයුතුයි. මේ අසීරු අවස්ථාවේ ඔබ සියලු දෙනාගේ සහයෝගීතාව, සහෝදරත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු economiලෙස මා අපේක්ෂා කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now