මෙවර මැයි දිනය සැම­රී­මට මගේ බලා­පො­රො­ත්තු­වක් නෑ මෛත්‍රී කියයි

Report

මෙවර මැයි දිනය සැම­රී­මට තමාගේ බලා­පො­රො­ත්තු­වක්    නැති බවත්   එදි­නට ආග­මික කට­යු­තු­වල යෙදෙන බවත් හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සදහන් කර තිබේ .

ඒ මහතා මේ බව පැව­සුවේ අල්ලස් කොමි­ස­මට ප්‍රකා­ශ­යක් ලබා දීම සඳහා ඊයේ (28) පැමිණි අව­ස්ථා­වේදී මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමිනි.

මහ භාණ්ඩාගාර සිද්ධියට උණුසුම් විමර්ශන - ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට ද?

මහ භාණ්ඩාගාර සිද්ධියට උණුසුම් විමර්ශන - ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට ද?

එහිදී හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සදහන් කළේ මෙවන් අදහසක්

”උමා ඔය ව්‍යාපෘ­තිය ඉදි­කි­රී­මේදී ඇතිවූ ප්‍රශ්න සම්බ­න්ධ­යෙන් ඇති වෙලා තිබුණු මුදල් ගෙවීම් වැනි කාරණා පිළි­බඳ සාක­ච්ඡා­ව­කට මෙහි පැමි­ණියා. රාජ­පක්ෂ ආණ්ඩුු කාලයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘ­තිය 2015 ජන­පති ධුර­යට පත් වූ පසු නැවත මම භාර ගත්තා. එය යුද්ධ­යක් ඇති රටක් භාර ගත්තා වගේ. අවට ප්‍රදේශ රැසක ළිං ජලය නැති වී යෑම, මාර්ග පුපුරා කඩා වැටීම, පාර­ම්ප­රික නිවෙස් කඩා වැටීම, බිත්ති පිපි­රීම වැනි හානි නිසා විශාල ජනතා උද්ඝෝ­ෂ­ණ­යක් ඇති වුණා. එය විම­ර්ශ­නය කිරී­මට ගිය ඇමැ­තිව ද ජන­තාව හිර කර­ගෙන සිටි­යදී මම මුදා ගත්තා. උමා ඔය මුලින්ම ආරම්භ කළේ ඉරාන රජ­යෙන් මෙර­ටට ණයක් ලැබී­මෙන්.

ඒ ණය දෙන අත­ර­මඟ කාල­යේදී ඉරා­න­යට අමෙ­රි­කාව සම්බා­ධක පැන­වූවා මේ සඳහා මුදල් යොද­වන්න එපා කියලා. ඒ නිසා ඩොලර් නොමැති වීම හේතු­කොට ගෙන අපේ භාණ්ඩා­ගා­රයේ මුද­ලින් ව්‍යාපෘ­තිය කිරී­මට සිදු වුණා. ඒ නිසා ව්‍යාපෘ­ති­යට වැඩි කාල­යක් ගියා. එලෙස දීර්ඝ වීම සමඟ මෙම ව්‍යාපෘ­තිය අව­සන් කිරීමට වැය වූ ගෙවීම් සම්බ­න්ධ­යෙන් කළ පැමි­ණි­ල්ල­කට ප්‍රකා­ශ­යක් දීම අද දිනයේ සිදු වුණා. මේ සම්බ­න්ධ­යෙන් වංචා­වක් සිදු වී යැයි මට පිළි­ගන්න බැහැ.

එමෙන්ම එම ප්‍රදේ­ශයේ බර­ප­ත­ළව ඇති වූ උද්ඝෝ­ෂණ නිසා එහි කාර්යයේ නිරත වූ ඉංජි­නේ­රු­ව­රුන් පවා ඊට යෑමට අක­මැති වුණා. එනිසා එම ඉංජි­නේ­රු­ව­රුන්ට වැඩි දීමනා ලබා දීම­ටත් සිදු වුණා. ඒ සියල්ල මුදල් අමා­ත්‍ය­ව­ර­යාගේ එක­ඟ­තාව මත කැබි­නට් තීන්දු ලෙසයි සිදු කළේ. සාමා­න්‍ය­යෙන් මෙවැනි දෙයක් පිළි­බ­ඳව ලිපි ගොනු නොබලා චෝදනා කිරීම වැර­දියි.”