මෛත්‍රී මහ බැංකු පාලක මණ්ඩලයට

Report

ජනාධිපති නීතිඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර‍යි.

ඒ අනුව ජනපති විසින් මෙම පත්කිරීම ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි සිදු කර ඇති බව වාර්තා වේ.

එසේම මහ බැංකු පනත ප්‍රකාරව මහ බැංකුවේ පරිපාලන කටයුතු පාලනය කිරීම සහ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම පාලක මණ්ඩලයේ වගකීමක් බව සඳහන්.

එහි සාමාජිකයින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් ද කටයුතු කරනු ලබන බව පවසයි.

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

කෙසේ වෙතත් වාර්තා වූ ආකාරයට රජීව් අමරසූරිය පසුගියදා ජුනි 27 වන දින සිට එම ධුරයෙන් ඉවත් වීම නිසා ඒ වෙනුවට මෛත්‍රී එවන් වික්‍රමසිංහ පත් කර ඇත.

ජනාධිපති නීතිඥවරයෙකු වන වික්‍රමසිංහ නීතිවේදියෙකු මෙන්ම, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වේ.

එමෙන්ම විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලයේ සභාපති ඇතුළු තවත් වැදගත් තනතුරු රැසක ඔහු කටයුතු කරන බව ද සඳහන්.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

බිත්තර මිලට මොකද වෙන්නේ? සංගමයෙන් නිවේදනයක්

බිත්තර මිලට මොකද වෙන්නේ? සංගමයෙන් නිවේදනයක්