ප්‍රධාන කාර්යාලයකින් ජීව අත්බෝම්බ 02ක් හමු වෙයි..වෙන්න ගිය ලොකු විනාශයක් නවතී.
මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ කසළ බඳුනක තිබී ජීව අත්බෝම්බ 02ක් හමු වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කසළ ඉවත් කිරීමට පැමිණි නගර සභා සේවකයෙකු විසින් අදාළ ජීව අත්බෝම්බ 02 දැක පොලීසියට දැනුම් දී ඇති බවයි.
ඒ අනුව මේ වනවිට ඒවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, එලෙස අත්බෝම්බ 02ක් පොලිස් අධිකාරී කාර්යාලයේ කසළ බඳුනකට පිවිසි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී බූස්ස බන්ධනාගාරයේ රඳවාසිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය විසින් අද (22) අවසර ලබාදුනි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත්කරනු ලැබීය.
තම පුත්‍රයාට මරණීය තර්ජන පවතින හෙයින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙලේ සුදාගේ මව විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගකළ අභියාචනාධිකරණය විසින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර නිකුත්කර තිබුණි.
මෙම තහනම් නියෝගය හේතුවෙන් විත්තිකරු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාමට බාධා සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස මෝසමක් මාර්ගයෙන් පෙත්සම්කාර පාර්ශ්වය විසින් අධිකරණයෙන් ඉල්ලීමක්කර තිබේ.
එම ඉල්ලීම සලකාබැලූ අභියාචනාධිකරණය දැනට නිකුත්කර ඇති තහනම් නියෝගය හේතුවෙන් විත්තිකරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාමට බාධාවක් මතුනොවන බව දැනුම්දී තිබේ.
අනතුරුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 6 වනදා කැඳවීමට ද නියම විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |