මොහොමඩ් මහමුදුල්ලා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී!

By R.rishma Mar 13, 2025 04:11 AM GMT
Report

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් මහමුදුල්ලා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.

ඔහු සිය විශ්‍රාම ගැන්වීමේ නිවේදනය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

39 හැවිරිදි ඔහු 2021 දී ටෙස්ට් සහ 2024 දී විස්සයි විස්සෙන් විශ්‍රාම ගියේය.

පොලිස් නිලධාරීන්ට ඇස් කණ්නාඩි ලබා දීමේදී සිදු වූ වංචාවක් පිළිබඳ විමර්ශන

පොලිස් නිලධාරීන්ට ඇස් කණ්නාඩි ලබා දීමේදී සිදු වූ වංචාවක් පිළිබඳ විමර්ශන

ඔහු සිය සටහනේ සඳහන් කර ඇත්තේ මෙතෙක් තමාට සැමවිටම සහය දුන් තම කණ්ඩායමේ සාමාජිකයින්ට, පුහුණුකරුවන්ට සහ රසිකයන්ට ස්තූතිය පුද කරන බවයි.

මොහොමඩ් මහමුදුල්ලා මේ දක්වා එක්දින තරග 239කදී ලකුණු 2,914ක් රැස්කරගෙන ඇත.