අංගොඩ ප්‍රියංකරගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු - තොරතුරු රැසක් හෙළි වෙයි

Report

ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ හිටපු නාවික හමුදා සෙබළෙක් වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අද (16) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අඳාළ සැකකරු අංගොඩ ප්‍රියංකර නමැත්තාගේ මත්ද්‍රව්‍ය ඡාලයේ ප්‍රධාන ගෝලයකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන බව සඳහන්.

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් II නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) දින සිදුකළ මෙහෙයුමකදී මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

ඒ අනුව මෙම සැකකරු 43 හැවිරිදි අයෙක් බවත්, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 716ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක්, රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, පතොරම් සහ යතුරුපැදියක් සොයාගෙන ඇත.

මේ අතර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර තිබෙන අතර, සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව පොදු සමාව යටතේ 2025 වසරේදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති බවයි.

එමෙන්ම වැඩිදුර විමර්ශනවලදී ඔහු දැනට ඩුබායි රාජ්‍යයේ සිටින බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "ඩුබායි ප්‍රියංකර" නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු බවට හෙළි වී ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි