දුම්රිය අවුල් ගොඩක් වෙයි - රෑ 12ට කළින් දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙයි.. බරපතළ චෝදනාවක්

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සිටම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (16) දින පස්වරුවේ දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති බවට වෘත්තිය සමිති චෝදනා කරන බව සඳහන්.

එසේ වුවත් ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ අද (16) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම වර්ජනයට සහය නොදෙන බවයි.

මේ අතර අද දින ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06 ක් සහ තවත් දුම්රිය ගමන් වාරයක් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය අද පස්වරුවේ පැවසූ බව සඳහන්.

බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ලබන 19 වන දින ජාතික වැඩසටහනක්

බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ලබන 19 වන දින ජාතික වැඩසටහනක්

එබැවින් එම සංගමය ප්‍රකාශ කර ඇත්තේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමළය හා මඩකලපුව අතර, රාත්‍රී තැපැල් දුම්රිය සහ රාත්‍රී 11 ට කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වීමට නියමිත ප්‍රධාන මාර්ගයේ අවසන් දුම්රිය ඇතුළු දුම්රිය වාර 7ක් අවලංගු කර ඇති බවයි.

එසේ වුවත් කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව පැවසූ බව සඳහන්.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධූරය සම්බන්ධයෙන් රජයෙන් මේ වන තුරු නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින් මෙම වර්ජනය සිදුකරන බව වෘත්තීය සමිති ප්‍රකාශ කළේ අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන්ද විසදුමක් නොලැබුණු පසුබිමකයි.

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

එමෙන්ම වර්ජනයට සහය දක්වන බව දුම්රිය අනාරක්ෂිත ගෝට්ටුකරුවන්ගේ සංගමය මෙන්ම දුම්රිය තාක්ෂණ හා මෙහෙයුම් සංගමයද කියා ඇති බව සඳහන්.

එවැනි තත්ත්වයක් තුළ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති මෙන්ම තැපැල්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඇතුළු රාජ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද දින මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඇමරිකානු ජනතාව නොඉවසිලිමත් වෙයි - ඉදිරි මාසවලදී ඉරාන යුද්ධයට වෙන්න යන දේ ඇමරිකානු උප ජනාධිපතිගේ කටින්ම පනී

ඇමරිකානු ජනතාව නොඉවසිලිමත් වෙයි - ඉදිරි මාසවලදී ඉරාන යුද්ධයට වෙන්න යන දේ ඇමරිකානු උප ජනාධිපතිගේ කටින්ම පනී

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්