යළිත් වතාවක් ලෝකෙම දිනපු ලංකාවේ වීරයා - නව ලෝක ශ්‍රේණිගත කිරිම් එක්ක තවදුරටත් හෙල්ලේ ශූරයා රුමේෂ් බවට ලොවටම සනාථ වෙයි
By Kaushi
හෙල්ල විසිකිරිමේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල තවදුරටත් අංක 01 ස්ථානය රැක ගැනීමට රුමේෂ් තරංග සමත්ව ඇත.
ඒ ඊයේ (16) දිනයේ නිකුත් කළ නව හෙල්ල විසිකිරිමේ ලෝක ශ්‍රේණිගත කිරිම් අනුවයි.
එසේම එහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ග්‍රෙනේඩා රාජ්‍යය නියෝජනය කරන ඇඩර්සන් පීටර්ස් සමත් වී ඇත.
මේ අතර හෙල්ල විසිකිරිමේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල තෙවැනි ස්ථානය ලබාගෙන සිටින්නේ ජර්මනියේ ජුලියන් වීබර් බව වාර්තා වේ.