අපි ශිෂ්ටාචාරමය නිවුන් සොහොයුරන්.. අපේ සබඳතාව අසල්වැසියන්ට වඩා වැඩි බැඳීමක් - ලංකාවටම ඇවිත් ඉන්දීය මහ කොමසාරිස් කිව්ව කතාව

Report

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බැදීම භූගෝලීය පිහිටීම, උරුමය සහ නොබිඳෙන ඓතිහාසික ඥාතීත්වයකින් බැඳී සිටින ශිෂ්ටාචාරමය නිවුන් සොහොයුරන් ලෙස සැලකිය හැකි බව සඳහන් කරයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛතාව” විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක් බවත් සැබවින්ම දෙරට අතර පවතින සබඳතාව හුදෙක් අසල්වැසියන්ට වඩා වැඩි බැඳීමක් බවත් ය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ නව සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පැවති උත්සවය අමතමින්.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

ඒ අනුව මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ දැනට පවතින රෝගී තදබදය අවම කිරීම සඳහා ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 600ක්.

එම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ සිදු වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා,

"මෙම සුවිශේෂී අවස්ථාව ඉන්දීය- ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ තිරසාර ස්වභාවයට මනා සාක්ෂියක් සපයන අවස්ථාවක්. එමෙන්ම මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයේ දෙවන වසර අවසන් වීමට ආසන්න මේ මොහොතේ, ජනාධිපතිවරයාගේ දැක්ම යථාවක් කර ගැනීමට ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඉන්දියාවේ කැපවීම තහවුරු කරන අවස්ථාවක්. ඉන්දියාව නිරන්තරයෙන් මෙරට ජනතාවගේ සුබසාධනය, ප්‍රගතිය සහ සමෘද්ධිය උදෙසා නොසැලෙන විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස රැඳී සිටිනවා. අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීමෙන් ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 33ක වැඩකටයුතු දැනටමත් ආරම්භ වී ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව අප දෙරට අතර හවුල්කාරිත්වයේ ප්‍රධාන කුලුනක්. 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වෛද්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති දක්වා අප දෙරටේ ඒකාබද්ධ ප්‍රයත්නයන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙනවා." යනුවෙන් පවසා ඇත.

ඇමරිකානු ජනතාව නොඉවසිලිමත් වෙයි - ඉදිරි මාසවලදී ඉරාන යුද්ධයට වෙන්න යන දේ ඇමරිකානු උප ජනාධිපතිගේ කටින්ම පනී

ඇමරිකානු ජනතාව නොඉවසිලිමත් වෙයි - ඉදිරි මාසවලදී ඉරාන යුද්ධයට වෙන්න යන දේ ඇමරිකානු උප ජනාධිපතිගේ කටින්ම පනී

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි