මහින්දානන්ද අත්අඩංගුවට? - හදිස්සියේම අධිකරණයට යයි..
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2025 මැයි 14 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.
මෙම පෙත්සම ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ, පසුගිය රජය යටතේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය සම්බන්ධ චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරීමේ ඉල්ලීමයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් 2025 මැයි 19 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කර ඇත.