හිටපු අගමැති මහින්ද ලඟදීම කරන්න යන දේ මෙන්න..

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Aruna May 13, 2022 05:14 AM GMT
Aruna

Aruna

Report

තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කර ඇත.

එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now