මේ වසර අවසන් වෙද්දි කරන්න යන දෙයක් ගැන අගමැති කියයි.
මෙම වසර අවසාන වන විට නව අණ්ක්රම ව්‍යවස්ථා කෙටුම්පත සකස්කර නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, එහි කටයුතු මේ වන විට අවසන් අදියරයේ පවතින බව අධිකරණ අමාත්‍යාංශයෙන් විසින් දැනුම් දී ඇති බවත්ය.
අග්‍රමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අනුර කුමාර දිසානයක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක - "පසුගිය වසරේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලබද්දි ව්‍යවස්ථා කෙටුම්පතක් වසරක් තුළ ඉදිරිපත් කරන බවට ප්‍රකාශකරනු ලැබුවා කෙසේ වුවද ජනාධිපතිවරයාගේ පත්වීමෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගතවන විට සහ ආණ්ඩුවට වසරක කාලයක් ගතවන විට මේ පිළිබඳ ජනතාව තුළ වර්ධනය වෙමින් පවතින්නේ බලාපොරොත්තු කඩවීමක්."
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා - "අප රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “සෞභාග්‍යයේ දැක්ම” තුළින් රටට නව ව්‍යවස්ථාවක් සකස් කරන බවට අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.
මේ වසර අවසන් වන විට ඒ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කොට නිම කිරීමට එම කමිටුවේ අපේක්ෂා කරන බවත් දැනට එම කටයුතු අවසන් අදිරයේ පවතින බවත් අධිකරණ අමාත්‍යංශය විසින් දැනුම් දී තිබෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |