අද රටම කතා කළ රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා නොකළ හේතුව මෙන්න - විජිතම කියයි
ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා නොකළේ එම උත්සවය ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු කීපදෙනෙක්ට සීමාකිරීම හේතුවෙන් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඒ අද (19) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.
එහිදී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුර ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ,
“ඒ සඳහා ආරාධනා කර තිබෙන්නේ ඇත්තටම ගත්තොත් සහභාගි වෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා, ඒ වගේම මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරු විදියට, ජනාධිපති විදියට මැදිහත් වෙන්නේ. ත්‍රිවිධ හමුදාව, පොලිසියේ අය ඊට අමතරව දේශපාලන අධිකාරියේ වෙනත් අයට ආරාධනා කර නෑ” යැයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.