රිමාන්ඩ් කළ චරිත් අබේසිංහට සජබ පක්ෂ සාමාජිකත්වයත් අහිමි වෙයි - සාමාජිකත්වය ඇතුළු සියලු තනතුරු අත්හිටුවූ බවට නිවේදනයක්
ඊයේ(25) දින අල්ලස් සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.
එසේම ඔහු විසින් මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද එම පක්ෂය තීරණය කර තිබෙන බව දන්වයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් හෝ සංවිධායකවරයෙකු වශයෙන් හෝ කටයුතු කර නොමැති අතර චරිත් අබේසිංහ මහතා එවකට සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් ද නොදැරූ අයෙකු බවයි.
කෙසේ වෙතත් සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධීකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවත් මහලේකම්වරයා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.
මේ අතර චරිත් අබේසිංහ මහතා 'බහුජන බලය' සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබුණා.
රිමාන්ඩ් කරපු රඛිතට රෑට හුස්ම හිර වෙද්දි චරිත්ට හෘද රෝග.. දෙන්නට ඇප ඉල්ලද්දි හිටපු අමාත්‍ය විජේදාසත් කොටු වෙයි.. අල්ලස් ගමනෙදි ඔහුත් ප්ලේන් එකේ