ශ්රී ලංකා සිනමා අසහාය රංගධරයා ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ සටහනක්.. (PHOTO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල ෆෙස්බුක් පිටුවේ ප්රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කලාකරුවා පිළිබඳව ශෝකය පළ කර සටහනක් එක් කර ඇත.
එම සටහන මගින් හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ ජැක්සන් ඇන්තනී කලා ක්ෂේත්රයට සහ අපේ රටට සිදු කළ සේවය අසමසම බවයි.
එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම කලාකරුවාගේ හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැති බවයි.
කෙසේ වෙතත් එම සටහනේ සඳහන් වන්නේ,
"ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අභාවය පිළිබඳ අසා මම බලවත් කනගාටුවට පත්වූයෙමි.විශිෂ්ට රංගන ශිල්පියෙක්, චිත්රපට අධ්යක්ෂවරයෙක්, ගායකයෙක්, නිවේදකයෙක්, ගත් කතුවරයෙක්, චිත්ර ශිල්පියෙක් ආදී වශයෙන් ඔහු කලා ක්ෂේත්රයට සහ අපේ රටට සිදු කළ සේවය අසමසමය.
එසේ ම ඔහු අපට ඉතා ම සුහදශීලී ප්රියමනාප මිතුරෙකු විය.ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්රයේ ඇති වන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත බව මගේ විශ්වාසයයි.
විශිෂ්ට කලාකරුවාණෙනි, ඔබ අපේක්ෂා කළ විමුක්තිය අත්වේවා !'' යනුවෙන් ය.
එම ෆේස්බුක් සටහන පහතින්,