රජය ලබා දෙන සහනාධාර අනවශ්‍ය නම් එම මුදල්වලින් කළ හැකි දේ ඇමති අමරවීර කියයි..

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Sep 23, 2023 07:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, පොහොර මිල දී ගැනීම සඳහා රජය ලබා දෙන මුදල් සහනාධාරය අවශ්‍ය නොමැති බවට සියලුම ගොවි සංවිධාන ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් වී මිල දී ගැනීම සඳහා යෙදවිය හැකි බවයි.

 ඊයේ (22) ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ 25 වන වාර්ෂික සමුළුවට එක් වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ඒකාබද්ධ ගොවි බල මණ්ඩල සංගමය සමග පැවැති සාකච්ඡාවේ දී ගොවි ජනතාවට රජය විසින් ලබා දෙන සහනාධාර අනවශ්‍ය බවත්, ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ තම නිෂ්පාදන සදහා ඉහළ මිලක් ලබා දීම බවත් එම සංගමය අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව පොහොර සහනාධාරය වශයෙන් වැය කරන මුදල සාධාරණ මුදලකට වී මිල දී ගැනීම සඳහා යොදවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් සහනාධාර ලෙස ලබා දෙන මුදල් අනවශ්‍ය නම් සියලුම ගොවි සංවිධාන මෙම යෝජනාවට එකඟත්වය පළ කළ යුතු බවත් ඇතැම් ගොවි සංවිධාන ඒ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.