මහින්දට හදිසියේ ශල්‍යකර්මයක් කරයි.. තාවකාලිකව නතර කළ දේ මෙන්න.

Sri Lanka Facebook Election commission Mahinda Deshapriya
By Aruna Oct 22, 2021 02:23 PM GMT
Aruna

Aruna

Report

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට සති කිහිපයක විවේකයකින් පසුවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

ඒ බව දැනුම් දෙමින් දේශප්‍රිය මහතා තබා තිබූ සටහන මෙසේය.

මිතුරනි, 16 වන සෙනසුරාදා වම් ඇසේ සිදු කළ ශල්‍ය කර්මයක් හේතුවෙන්, නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා (සමහර විට එයිනුත් ඔබ්බට යනතෙක්) ඉලෙක්ට්‍රොනික / ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැළකී සිටිය යුතුව තිබේ .

මේ නිසා පෝස්ටු වලට කමෙන්ටු ලිවීම හෝ ප්‍රතිචාර දැක්වීම හෝ කළ නොහැකි අතර, මෙම පෝස්ටුව හා බන්දුල වර්ණපුරයන් පිළිබඳ බැනරය සකස් කරවා ප්‍රසිද්ධ කරන ලද්දේ අන් අයකුගේ සහයෙනි.

ගුරැ අරගලය දිනුම් ද පරාජිත ද රෙපෝරැ ද යන්න පිළිබඳ මගේ අදහස් දැක්වෙන පෝස්ටුවක් මට සහය වන අයෙකු විසින් ටයිප් කරමින් පවතී.

සැමවිටම මට අන් අයගේ සහය පතා කරදර කිරීම කළ නොහැකි බැවින් , සමාජ ජාල පරිශීලනයෙන් තාවකාලික විරාමයක් ගනිමි.ජයවේවා!!!


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



Gallery