ලෝක කුසලාන තරඟයට ඉන්දියාවේ ගිය මහේල ජයවර්ධන එකපාරම ලංකාවට ආවේ ඇයි?.

Report

ඊයේ (17) රාත්‍රියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවෙමින් සිටිය දී ය.

ඒ අනුව මෙලෙස ඔහු පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ රැස්වීමකට සහභාගි වීම සඳහා බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වන තෙක් එක්දින ලෝක කුසලානයේ සහභාගි වූ තරග තුනම ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව තිබෙනවා.