හෘදය සාක්ෂියක් ඇත්නම් මේ මරණවල වගකීම භාරගෙන ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි - මහේල ජයවර්ධන කියයි...(PHOTOS)

By Sithumi May 23, 2022 05:05 PM GMT
Sithumi

Sithumi

Report

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.

පෙට්‍රල් හා ඖෂධ නොමැතිවිම හේතුවෙන් සිදුවූ කුඩා දරුවන්ගේ මරණ දෙකක් පිළිබඳව වෛද්‍යවරියක තැබූ සංවේදී ට්වීටර් සටහනකට පිළිතුරු ට්වීටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර, පියෙකු ලෙස තමන් මෙම ප‍්‍රවෘත්තීන්ගෙන් කම්පනයට පත්ව සිටින බව පවසා තිබේ. ආර්ථික අර්බුධය අපේ දරුවන්ගේ ජීවිත බිළි ගනිමින් පවතී.

දින දෙකක් වයසැති බිළිදියක්, කඩිනමින් රෝහල්ගත කිරීමට අවශ්‍ය පෙට‍්‍රල් සොයා ගැනීමට නොහැකි වීම නිසා මියගොස් ඇති බව වාර්තා වී තිබුණි. වෛද්‍යවරු පවසා ඇත්තේ, පැයකට කලින් ඇය රැගෙන ආවානම් ඇගේ ජීවිතය බේරා ගත හැකි බවයි. එමෙන්ම, වයස අවුරුදු 12 ක තවත් දැරියක් ජීවිතාරක්ෂක ඖෂධයක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ජීවිතක්ෂයට පත් තිබේ. 

 අදාල ප‍්‍රවෘත්ති කන වැකී ඇත්නම් සහ හෘදය සාක්ෂියක් ඇත්නම් මේ මරණවල වගකීම භාරගෙන ජනාධිපතිවරයා ඉවත්විය යුතු යැයි ඔහු පවසන්නේ. ඔහුගේ එම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ

, “ගෝඨාභය රාජපක්ෂ මෙය කියවා වරදක් ඇති බව හැඟෙන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. මෙම තත්තවයට ඔහු සෘජුවම වගකිව යුතුයි. ඒ වගේම මේ පරිපාලනයේ කොටස්කරුවන් වූ සියලු දෙනා මීට වගකිවය යුතුයි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery