මහීෂ් යළි කණ්ඩායමට.
Cricket
Sri Lanka Cricket
India
ICC World Cup 2023
By Hashini
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම් අතර තරඟය හෙට (26) පැවැත්වෙනවා.
එම තරඟය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.
මහීෂ් තීක්ෂණ නෙදර්ලන්තය සමඟ පැවති තරඟය අතරතුර දකුණු පාදයේ ආබාධයකට ලක් වුණා.
ඔහු එම්.ආර්.අයි. පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදි ඔහුට ආබාධයක් නොමැති බව තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකළ පුහුණුවීම් සඳහා ද මහීෂ් තීක්ෂණ සහභාගී වී තිබෙනවා.
