ආදීවාසීන්ට සුබ ආරංචියක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

Report

රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් පාරම්පරික භූමිය නැවත ඔවුන් වෙතම පැවරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද (26) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥා දුන්නේය.

තමන් සතු පාරම්පරික ඉඩම් බාහිර පුද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබූ තීරණයට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැඇත්තන් සහ පාරිසරික පදනම විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය මෙම දැනුම්දීම සිදු කළේය.

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

තම නිජබිම් සමාගම් සතු කිරීමට එරෙහිව වැදි නායකයා ඇතුළු පිරිස විසින් මෙම නීතිමය පියවර ගෙන තිබුණේ 2021 වසරේදීය.

අද දින මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මෙම අනීතික ඉඩම් පැවරීමට සහ පරිසර විනාශයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගත යුතු බවයි.

චන්ද්‍රසේන මහතා මරණයට පත්වූ නිවුස්ඇලට් එක දැකලා මම අරවින්ද මහතාට කතා කළා..ඒ මහත්තයා කිව්වා..ඇප තියන්න ආ සාක්ෂිකරුවෙකු කට අරී

චන්ද්‍රසේන මහතා මරණයට පත්වූ නිවුස්ඇලට් එක දැකලා මම අරවින්ද මහතාට කතා කළා..ඒ මහත්තයා කිව්වා..ඇප තියන්න ආ සාක්ෂිකරුවෙකු කට අරී

එමෙන්ම, අදාළ සමාගම් විසින් විනාශ කර දමා ඇති වනාන්තර කලාපයන්හි නැවත වනාන්තර වගා කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය, මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා එළඹෙන සැප්තැම්බර් මස 25 වනදා නැවත කැඳවීමට නියම කළේය