මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ ආරංචි රැසක් - නව දීමනාවක්, විද්‍යුත් යතුරුපැදි සමඟින් විදේශ පුහුණුවීම්

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වෘත්තීමය පොලිස් සේවාවක් සහ වෘත්තීමය පොලිස් නිලධාරියෙකු නිර්මාණය කිරීමට හැකි වී ඇති බව ප්‍රකාශ කරයි.

ඒ 85 වන පොලිස් මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින්.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන පරිදි පොලිස් නිල ඇඳුම නව මුහුණුවරකින් නිර්මාණය කිරීමටත් සැලසුම් සකස් කරමින් පවතින බවයි.

එසේම ඉදිරි වසර තුළ පොලිස් සේවයට තවත් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඉකුත් වසර 5 පුරා අහිමි වී තිබූ උසස්වීම් සියල්ල ජ්‍යෙෂ්ඨතාව, කාර්ය සාධනය, කාර්යක්ෂමතා කඩඉම් සහ විභාග ක්‍රමවේද යටතේ මෙම වසර තුළ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මීට පස්සේ පාසල්වලට බුර්කාව සහ නිකාබ් තහනම් - හිජාබයට අදාළ නොවෙන බවට ඉතාලියෙන් නිවේදනයක්

මීට පස්සේ පාසල්වලට බුර්කාව සහ නිකාබ් තහනම් - හිජාබයට අදාළ නොවෙන බවට ඉතාලියෙන් නිවේදනයක්

තවද පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු දෙනාට තරාතිරම නොබලා විදේශ පුහුණුවීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් ඔහු පවසා තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කැපවීම වෙනුවෙන් 2027 අයවැය හරහා විශේෂ අවදානම් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ඉදිරියේදී විද්‍යුත් යතුරුපැදි සහ යටිතල පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

"අපි වසර දෙකක කාලයක් පුරාවටම මෙම පොලිස් සේවාව වඩා ඉහළින් ඔසවා තැබීමටත්, වෘත්තීයමය පොලිස් සේවාවක් බවට වෘත්තීයමය පොලිස් නිලධාරියෙක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කිරීමටත් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසාම අපිට හැකියාව ලැබෙනවා පොලිස් සේවාවට 10,000ක් එකතු කරගැනීමට. ඒ වෙනුවෙන් ලබන වසර තුළ ඒ 10,000 සම්පූර්ණ කරනවා. ඒ වගේම වසර පහක කාලයක් උසස්වීම් අහිමි වෙලා තිබුණා. ඒ සියලු උසස්වීම් මේ වසර තුළ ජ්‍යෙෂ්ඨතා පදනම යටතේත්, කාර්ය සාධන පදනම යටතේත්, කාර්යක්ෂමතා කඩඉම් යටතේත්, නැත්නම් විභාග ක්‍රමය යටතේත් සම්පූර්ණ කිරීමටත්, එතැන් සිට සෑම වර්ෂයක් පාසාම විධිමත් පරිදි උසස්වීම් ක්‍රමවේදයක් කරා නියමිත කාලවකවානු තුළ උසස්වීම් ලබාදීමටත් අවශ්‍ය සියලු පියවර මේ වෙනකොට අරන් තියෙනවා. විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. ඉදිරියේදී එවැනි ස්ථාන මාරුවීම් ක්‍රමයක් හරහා නිවසට ආසන්න ප්‍රදේශවලට ස්ථාන මාරු ලබාගැනීමේ ක්‍රමවේදයකුත් සකස් කරමින් ඉන්නවා."

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

"පසුගිය වසර දෙක පුරාවට 1,000කට ආසන්න ප්‍රමාණයකට විදේශ පුහුණුවීම් ලබා දීලා තියෙනවා. ඉදිරියෙත් මේවා ශක්තිමත් කරලා, තරාතිරම නොබලා මේකට පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු දෙනාට විදේශ පුහුණුව ලබා දීම සඳහා ක්‍රමවේදයකුත් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. ඒ වගේම 2027 අයවැය ලේඛනය හරහා මේ විශේෂිත රාජකාරී කැපවීම වෙනුවෙන් අවදානම් දීමනාවක් ලබා දීමට මේ වෙනකොට අපි අමාත්‍ය මණ්ඩලය තීන්දු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි අනාගතයේදී විද්‍යුත් යතුරුපැදි ලබා දීම, ඒ වගේම අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමත්, පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන ආකාරයෙන් පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කර ගැනීම සඳහාත් මේ වෙනකොට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතිනවා."

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්