මහපොළ ශිෂ්‍යත්වය ගැන විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ නිවේදනයක්

Report

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළව, තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව නිවේදනය කර‍යි.

ඒ අනුව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සමීර ප්‍රසාද් විජේසිංහගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල විසින් අවසාන තේරීම් ලේඛනය අදාළ විශ්වවිද්‍යාල වෙත දැනටමත් යොමු කර තිබෙන බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව සඳහා තේරී පත් වූ සිසුන්, 2026 අගෝස්තු 17 වන දිනට පෙර https://mahapola.lk/BankApp2025/ වෙබ් අඩවියට පිවිසිය යුතු බව සඳහන්.

2026 දෙවන පාසල් වාරය හෙටින් අවසන් - සියලුම පාසල්වලට තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක්

2026 දෙවන පාසල් වාරය හෙටින් අවසන් - සියලුම පාසල්වලට තෙවන පාසල් වාරය සම්බන්ධයෙන් නිවේදනයක්

එහිදී අමාත්‍යාංශය අවධාරණය කරන්නේ සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් මාර්ගගත ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකි බවයි.

එසේම අඳාළ නිවේදනයට අනුව, සිසුන් පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය:

මාර්ගගත ලියාපදිංචියෙන් පසු, අදාළ අයදුම්පත බාගත කර, අත්සන් තබා, බැංකු පොතේ පිටපතක් හෝ බැංකු ගිණුම තහවුරු කිරීමේ ලේඛනයක් ද සමඟ තමන්ගේ විශ්වවිද්‍යාලයට භාර දිය යුතුය.
ශිෂ්‍යත්ව මුදල් බැර කරනු ලබන්නේ අයදුම්කරුගේ නමින් පවතින ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ඉතිරි කිරීමේ/ජංගම ගිණුමකට පමණි ඒකාබද්ධ බැංකු ගිණුම් පිළිගනු නොලැබේ. ලියාපදිංචියේදී ලබා දෙන බැංකු ගිණුම් විස්තර පසුව වෙනස් නොකළ යුතුය.
එසේ වෙනස් කිරීම ගෙවීම් ප්‍රමාද වීමට හේතු විය හැක. වලංගු ජංගම දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීම අනිවාර්ය වේ.

විභාග දෙපාර්තමේන්තුවෙන් ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක් - අද සිට අගෝස්තු 03 වන දින දක්වා වලංගුයි

විභාග දෙපාර්තමේන්තුවෙන් ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක් - අද සිට අගෝස්තු 03 වන දින දක්වා වලංගුයි

මේ අතර ශිෂ්‍යත්ව සඳහා මෙවර තේරී පත් නොවූ සිසුන්ගේ අභියාචනා පවතී නම්, ඒවා 2026 ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ විශ්වවිද්‍යාල මඟින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත යොමු කළ යුතු බව මහපොළ අරමුදල වැඩිදුරටත් දන්වා ඇත.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්