රත්‍රරන් මුදලාලිගේ 16 හැවිරිදි පුතා කළ මාරක අනතුරේ එළියට ආ සියලු තොරතුරු (CCTV VIDEO)

By Sithumi Nov 04, 2021 06:26 PM GMT
Sithumi

Sithumi

Report

මහබාගේ, වැලිසර සුසාන භූමිය ඉදිරිපිට අද (04) පෙරවරුවේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මරණයට පත්වූ අතර 5දෙනෙක් බරපතල තුවාල ලැබූහ.මිට්ෂුබිෂි මොන්ටෙරෝ ස්පෝර්ට්ස් (mitsubishi montero sport) වර්ගයේ රථයක් පදවමින් මෙම අනතුර සිදු කර ඇත්තේ රියදුරු බලපත් ලබාගන්නට සුදුසුකම පවා නැති ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුගේ වයස 16 දරුවෙකු රථය පදවමින් සිටි අවස්ථාවකය. මොන්ටෙරෝ රථයේ ඔහුගේ වැඩිමල් සොයුරියකද ගමන් කරමින් සිට තිබේ.

රියැදුරුට රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන මීගමුව සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක, ත්‍රීවීල් රථයක සහ යතුරු පැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණ අතර අනතුරත් සමග රථය පෙරළී උඩුබැලි අතට නතර විය.අනතුරෙන් මියගියේ එක් යතුරුපැදියක ගමන් කළ මහබාගේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

මොන්ටෙරෝ රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද පිහිටා ඇති බාධකය පරයා ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථ වාහන පෙළක් සමඟ ගැටීමෙන් මෙම ඛේදවාචකය සිදුවිය. 16 හැවිරිදි දරුවා හා වාහනයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර පරීක්ෂණ සිදුවේ. cctv දර්ශන පහතින්

එමෙන්ම මේ සිදු වීම අවස්ථාවේ එම දරුවාට සහ පියාට ප්‍රදේශ වාසින්ගෙන් දැඩි දෝෂාරෝපණ එල්ල වුණා. එම වීඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now