අවුරුදු 59 සැමියගෙ වශිය ඉවත් කරන්න ගිය 35 හේ බිරිඳට අවසානයේ සිදුවූ දේ..

Sri Lanka
By Aruna Dec 07, 2022 05:32 AM GMT
Aruna

Aruna

Report

බිරිය ගෙදර ගෙන්වාගන්න ගිය සැමියා හිස් අතින් එයි සිය සැමියා තමන්ට කළැයි කියන වශී ගුරුකමක් ඉවත් කරගැනීමේ අරමුණින් ගුරුන්‍නාන්සේ කෙනකු සොයාගිය කාන්තාවක ගුරා සමග පැනගිය පුවතක් තංගල්ලෙන් වාර්තා වනවා.

සිව්දරු මවක වන ඇය පදිංචි වී සිටියේ තංගල්ල මැදකැටියේය. 35 හැවිරිදි වන ඇයගේ සැමියාගේ වයස අවුරුදු 59කි.

විවාහ වූ දා පටන් දෙන්නා දෙමහල්ලන් අතර රණ්ඩු සරුවල්වලින් අඩුවක් නොවිණි.

ඇය කරකාර බැඳගත්තේ වශී ගුරුකමක් කිරීමෙන් කියා ඇගේ ඥාතීන්ගෙන් සැමියාට චෝදනාවක් එල්ලවුණේ මේ නිසාය.

ඥාතීන්ගේ බහ විශ්වාස කළ ඇයට වුවමනා වුණේ වශිය ඉවත් කරගන්නටය.

දරුවන් සිව්දෙනා තාත්තා ළඟ තනිකර තකහනියේම ඇය අම්මාගේ ගම වන තංගල්ල විතාරන්දෙණියට දුවගෙන ගියාය.

ඒ, ගමේ ගුරුන්නාන්සේ කෙනකු සිටින බව ආරංචි වූ නිසාය.

ගුරුන්නාන්සේ හමුවීමට අම්මාත් ඇය සමග ගියාය.

සැමියාගෙන් ඇයට වශියක් කර ඇතැයි ගුරුන්නාන්සේගේද මතය විය.

ඔහු ඇයට කීවේ සැමියා සමග සිටියහොත් ඇයට පිළිකාවක් වැලඳෙන බවය.

එසේ නොමැති වුවහොත් මියෙනතුරා දුක් විඳිමින් රණ්ඩු සරුවල් වෙමින් සිටින්නට සිදුවන බවද ගුරුන්නාන්සේ පැවසුවේය.

ඇයට ඕනෑ වුණේ සැමියාගේ වශිය ඉවත් කරගැනීමය.

මාස දෙකක් තිස්සේ වශිය ඉවත් කරගන්නට අවැසි කරුණු කාරණා ‍සිදුකෙරුණේය.

ඇයට සැමියා එපා වී ගුරුන්නාන්සේ හොඳ වූයේ මාස දෙකක් ගතවූ තැනය.

සැමියාගේ වශිය ඉවත්කරගන්න ගුරුකමක් කරගන්න ගිය ඇය අන්තිමට ගුරාට වශිවූවාය.

අන්තිමට කාටත් හොරා ඇය ගුරුන්‍නාන්සේ සමග දීග කන්නට ගියේ ගැහැනු දරුවන් දෙදෙනාත් පිරිමි දරුවන් දෙදෙනාත් පියාටම සින්න කරලාය.

ගුරුකම් කරන්නට ගෙදරින් ගිය බිරිය ගෙදර යළිත් ගෙන්වාගන්නට ගිය සැමියාට ආපසු එන්නට වූයේ හිස් අතිනි.

ඒ තරමට ඇය ගුරාට වශිවී තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now