මග නැගුම මුදල් සාපරාදී ලෙස පරිහරණය කළ හිටපු නිලධාරින් දෙදෙනෙකු රිමාන්ඩ්

Sri Lanka Police Sri Lanka Crime
By Gagana News Feb 25, 2025 03:44 PM GMT
Gagana News

Gagana News

Report

මග නැගුම ආයතනයේ මුදල් සාපරාදී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද එහි හිටපු නිලධාරින් දෙදෙනෙකු මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගන්නා ලද මග නැගුම ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරි සහ හිටපු මුදල් අතිරේක සාමාන්‍යාධිකාරී අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

2012 සහ 2015 අතර කාලසීමාව තුළ ව්‍යාජ ලෙස ව්‍යාපෘති සඳහා මුදල් අනුමත කරමින් මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සඳහා ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කරුණට අදාළව 2017 වසරේ අධිකරණයට කරුණු වාර්තා කළ බවත් නීතිපති උපදෙස් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දෙන ලදී.

සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලා සිටියද සැකකරුවන් මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී. 

ඉෂාරා සෙව්වන්දිගේ අම්මා සහ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග

ඉෂාරා සෙව්වන්දිගේ අම්මා සහ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග

"කෙසෙල් බද්දර පත්මේගේ" බිරිඳගේ නිවස වීඩියෝගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට

"කෙසෙල් බද්දර පත්මේගේ" බිරිඳගේ නිවස වීඩියෝගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ReeCha