7 වෙනිදා රුපියල් කෝටි 386ක වෙන්දේසියක්

Auction Sinhala news
By Hashini May 05, 2025 05:56 AM GMT
Hashini

Hashini

Report

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාවය මද පුජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවක් යුත් පුරාණ එකතුවක් බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කළා එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් හොංකොං ඩොලර් 100ක පමණ ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 386ක් පමණ ) මුදලකට එළඹෙන 7 වෙනිදා වෙන්දේසි කිරීමට නියමිතයි.

මෙම පුරාණ එකතුවට බෞද්ධ ධාතු ලෙස පිළිගැනෙන මැණික් ගල් , ක්‍රිස්ටල් , රත්තරන් , මුතු ආදිය ඇතුලත් වනවා.

මෙම සියල්ල 1898 වසරේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහි පිප්‍රහ්වා ගම්මානයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා ශාක්‍යයන් ඉදිකළ ස්තුපයකින් සොයාගෙන තිබෙනවා.

සදබි සමාගම විසින් මෙම පුරාණ එකතුව කිසිවකට සමානකල නොහැකි ආගමික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් ඇති එකතුවක් ලෙස විස්තර කරමින් වෙන්දේසියට එක් කර තිබෙනවා.

මෙම වෙන්දේසිය සිදු කරන සදබි හොංකොං කාර්යාලය සඳහන් කර ඇත්තේ බුදුරාජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කර ඇති අළු බඳුනේ ඔබ්බවා තිබු මැණික් ගල් මෙම එකතුවට ඇතුලත් වුවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙම එකතුවට ඇතුලත් නොවන බවයි. 

මැතිවරණ රාජකාරිවලට රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසිපන් දහසක්.....

මැතිවරණ රාජකාරිවලට රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසිපන් දහසක්.....