මැතිවරණ රාජකාරිවලට රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසිපන් දහසක්.....

Election Commission of Sri Lanka Sri Lanka Government Election Local government Election Sinhala news
By Hashini May 05, 2025 05:25 AM GMT
Hashini

Hashini

Report

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම හෙට (මැයි 6) අඟහරුවාදා පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක පැවැත්වෙන බවයි.

එම කොමිසමේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ 225,000 (දෙලක්ෂ විසිපන් දහසක්) පමණ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඡන්ද රාජකාරි සඳහා යොදවා ඇති බවයි.

පරිපාලන දිස්ත්‍රික්ක 25ක පළාත් පාලන ආයතන කොට්ඨාස 4,877ක එම ඡන්ද විමසීම සිදුකෙරෙනවා.

ඡන්ද ගණන් කිරීම් මධ්‍යස්ථාන 5,783ක ගණන් කිරීම් සිදු කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

මෙවර ඡන්දයෙන් 8,287ක් සභිකයන් සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිතය.

මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක, ස්වාධීන කණ්ඩායම් 257ක අපේක්ෂකයන් 75,589ක් නාම යෝජනා ලබා දී ඇත.

මහ නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙනවා. 

ගත වූ පැය 24 තුළ අපේක්ෂකයන් 8ක් අත්අඩංගුවේ...

ගත වූ පැය 24 තුළ අපේක්ෂකයන් 8ක් අත්අඩංගුවේ...

ReeCha