මාස තුනට අල්ලස් නඩු ඉහල යයි..අල්ලගත්ත අය අතරේ පොලිසියේ අයත්.....
2025 වසරේ ගතවු පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31 වනදින දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බවයි.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 06 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙකු, කම්කරු නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඒ අතර වනවා.
ඊට අමතරව සිදුකළ වැටලීම්වලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරියෙකු, අධිකරණ අමාත්‍යංශ සේවකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ගත වු කාලය තුළ චුදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇති බවයි.
