විශ්වයේ සුන්දරම කාන්තාව වූ මධුරි ඩික්සික් සුන්දරත්වයේ රහස කියන කතාව (PHOTOS)

Madhuri world acctrass
By Sithumi Nov 13, 2021 05:19 PM GMT
Sithumi

Sithumi

Report

බොලිවුඩයේ බොහොම දෙනා ආදරය කරන චරිතයක් තමයි මධුරි ඩික්සිත් කියන්න. ප්රවීණ රංගන ශිල්පිනියක් වන මධුරි මේ වන විට සිනමා නිර්මාණ බොහෝ ප්රමාණයකට රංගන දායකත්වය ලබා දීපු රංගන ශිල්පිනියක්. ඒ ඔස්සේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගන්නටත් ඇයට හැකියාව ලැබෙනවා. මධුරි ඩික්සිත් මේ වෙනකොට සමාජ මාධ්ය සමග බොහොම ලෙන්ගතුව එක්වී සිටින්නියක් විදිහටත් හඳුනාගන්නට පුළුවන්. ඉතින් ඇය ඒ ඔස්සේ තම පවුලේ තොරතුරුත් ආදරණීය රසික රසිකාවියන් සමඟ බෙදා හදා ගන්නටත් වෙනවා.

ඉතින් පසුගිය දවසක ඇය මාලදිවයිනේ සංචාරයක නිරත වෙලා තිබුණා. එහිදී ගත්ත ඡායාරූප කිහිපයකුත් සමාජ මාධ්යයට එකතු කරන්නට අමතක කරලා තිබුණෙ නැහැ. එම පින්තූර සමඟ ඇගේ ශීර්ෂපාඨය වී තිබුණේ,”

ඔබ සිටින තැනින් පටන් ගන්න. ඔබ සතුව ඇති දේ භාවිත කරන්න .ඔබට හැකි දේ කරන්න” විදිහට තමයි. ඇය පසුගිය දවසක මාලදිවයිනේ සංචාරය කළා. ඒ වගේම මුහුදට මුහුදු වෙරළට දක්වන කැමැත්ත කෙතරම්දැයි කිවහොත් මෑතකදී මුම්බායි හි ඉහළ මට්ටමේ වර්ලි ප්රදේශයෙන් මුහුදු දර්ශන සහිත සුඛෝපභෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබා ගැනීමට තීරණය කරලා තිබුණා.

ඉතින් මධුරි සහ ඇගේ සැමියා වන වෛද්ය ශ්රී රාම් නෙනේ. පසුගියදා සිය විසිදෙවන විවාහ සංවත්සරය සමරන තිබුණා. 1990 නමය වසරේ දී තමයි ඔවුන් දෙපළ විවාහ වෙන්නේ. ඉතින් අරින් හා රයන් ලෙසින් ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙකුද සිටිනව. විවාහ සංවත්සරය වෙනුවෙන් සිය පවුලේ නොදුටු ඡායාරූප කිහිපයක් ඇතුළත් වීඩියෝවක් බෙදාගනිමින් ඇය සටහනක් ද යොදලා තිබුණා. ශ්රී රාම් නෙනේ ඉන්ස්ටග්ර වල සටහනක් කර තිබුණේ මෙලෙස. 

  “විශ්වයේ ඇතුළත සහ පිටත සිටින ලස්සනම කාන්තාව” ඔබ සමග සිටින විට කාලය ගෙවී යනු නොදැනේ. මා ඔබ සමග ගතකළ සුන්දර වසර 22 ගැන මට හැඟෙන්නෙ එයයි. ඔබ කොතැනක සිටියත් නිවස යනු අප ගොඩනගා ඇති විශ්මිත ජීවිතයයි. ඒ වෙනුවෙන් මම කෘතඥ වෙමි” යනුවෙන් තමයි ඔහු සඳහන් කළේ.ඉතින් ඔවුන් දෙපළටම සුබ විවාහ සංවත්සරයක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha